වත්මන් ආණ්ඩුව මහජනතාවට අහිමිකර ඇති සහන තම රජයක් යටතේ පැය 24ක් තුළ ලබාදීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මහරගම ප්‍රදේශයේ පැවති ජනහමුවකට ඊයේ (30) එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, “ අපි පොදුජන ආණ්ඩුව පිහිටුවනවා. ඒ පොදුජන ආණ්ඩුව තුළ පැය 24ක් ඇතුළත මේ රටේ ජනතාවට ලෝකයේ ජාත්‍යන්තර තෙල් මිල පහත වැටීම නිසා ලබා දිය යුතු සහනය, වර්තමාන රජය ලබා නොදෙන අවස්ථාවක, අපි ආණ්ඩුව පිහිටුවලා පැය 24න් තෙල් මිල අඩු කරනවා කියන එක මම කියන්න කැමති “ යනුවෙනි.

අසරණ වු ජනතාවට ආර්ථිකය නැවත වරක් ගොඩනැඟෙන තුරු නිසැක වශයෙන් ම මසකට පවුලක් සඳහා රුපියල් 20,000ක මුදලක් ලබා දෙන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න