තමන් යෝජනා කළ රුපියල් 20,000ක් ලබාදීමේ වැඩසටහනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙන්ම අනෙක් කණ්ඩායම් ද බිය වී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද (22) බණ්ඩාරවෙළ පැවති ජන හමුවක දී ඔහු මේ බව සඳහන් කළේය.

තමන් රුපියල් 20,000ක් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ රණසිංහ ප්‍රේමදාස මහතා “ජන සවිය” වැඩසටහන ක්‍රියාත්මක කළ ආකාරයෙන්ම බව ඔහු එහිදී පෙන්වා දුන්නේය.

තමන් දෙබිඩි දේශපාලනය ක්‍රියාත්මක කරන්නෙකු නොවන බවද සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න