2012 වසරේදි ශ්‍රී ලංකා නීති විද්‍යාලයට මුස්ලිම් සිසුන් බඳවා ගැනීම අසාමාන්‍ය ලෙස වැඩිවූ බව හිටපු බුද්ධි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිසමේදි සාක්ෂි දෙමින් පැවසූවා.

එහිදී කොමිසම විසින් ප්‍රකාශ කළේ මෙලෙසට එක්වරම ශ්‍රී ලංකා නීති විද්‍යාලයට මුස්ලිම් සිසුන් බඳවා ගැනීම වැඩි වීමට හේතුව කුමක්ද යන්නයි. එයට පිළිතුරු දෙමින් හිටපු බුද්ධි ප්‍රධානියා ප්‍රකාශ කළේ මහජාතිය සහ සුලු ජනවර්ගයක් අතර තිබූ ගට්ටනයක් මෙයට හේතු වූ බවයි.

2010 වසරේදී නීති ප්‍රවේශ විභාගය සමත් වූ මුස්ලිම් සිසුන් ගණන 9ක් වුවත් 2011 හා 2012 වසර වල පිලිවලින් 51 හා 78ක් දක්වා වැඩිවී තිබේ. මෙම වැඩිවීම අස්වාභාවික බව නිලන්ත ජයවර්ධන ජනපති කොමිසමේදි සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළා.

තමන් මෙය නීරීක්ෂණය කළත් මෙය නීති විද්‍යාලයේ සහ අධිකරණ අමාත්‍යංශයේ අභ්‍යන්තර ගැටලුවක් බවයි වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් හිටපු බුද්ධි ප්‍රධානියා ජනපති විමර්ෂණ කොමිසමේදි සඳහන් කළේ.

2012 වසරේ නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ප්‍රථම ස්ථාන 3ම ලබාගෙන ඇත්තේ මුස්ලිම් සිසුන් වන අතර මුල් 10 දෙනාගෙන් 6 දෙනෙක්ද මුල් 50 දෙනාගෙන් 28 දෙනෙක්ම මුස්ලිම් සිසුන් වීමත් එක ලග විභාග අංක ඇති මුස්ලිම් සිසුන් 20 දෙනෙක් විභාගය සමත් වීමත් එවකට දැඩි කතාබහට ලක්විය

ප්‍රතිචාරයක් ලබාදෙන්න