දන්තාලේප ඇසුරුම් තුනක් තුළ සුක්ෂම අයුරින් සඟවා මත්කුඩු ග්රැම් 05 ප්රමාණයක් රැදිවියෙකු ට ලබාදිමට උත්සාහ කළ අයෙකු අද (03) වැනි දා පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව මහර බන්ධනාගාරය පවසයි.
 
පසුගියදා මිගමුව බන්ධනාගාරයේ සිදුවු අක්රමිකතා වලට සම්බන්ධ වීම හේතුවෙන් මිගමුව බන්ධනාගාරයේ සිට මහර බන්ධනාගාරය වෙත මාරු කරන ලද මොහොමඩ් කාසිම් නැමැති මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු සදහා මේ ආකාරයට ඉතා සුක්ෂම අයුරින් මත්ද්රව්ය ලබාදිමට උත්සාහ කර ඇතැයි මහර බන්ධනාගාරය සඳහන් කරයි.
 
කෝරෝනා වසංගතයෙන් පසු රැදවියන් බැලීම සදහා අවස්ථාව හිමිවිමත් සමග මහර බන්ධනාගාරයේද එම කටයුතු ද දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ ආරම්භ වී ඇති අතර මත්ද්රව්ය වැරදි සම්බන්ධයෙන් මහර බන්ධනාගාරයේ රදවා සිටින සැකකරුවෙකු බැලීම ට 03 වැනි දා පෙරවරුවේ පැමිණි පුද්ගලයෙකු අමුත්තන් බැලිමේ දි මහර බන්ධනාගාරයේ රාජකාරියේ නියුතු නිළධාරින් විසින් සිදු කළ පරික්ෂාවක දී මෙලෙස අත්අඩංගුවට ගත් බව බන්ධනාගාරය කීය.
මොහොමඩ් කාසීම් නැමැත්තා ගේ සමීපතමයෙකු යැයි කියන අනුරාධපුර ප්රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව මහර බන්ධනාගාරය කියයි.
මහර බන්ධනාගාර අධිකාරි ජගත් වීරසිංහ මහතාගේ සෘජු අධික්ෂණය මත අමුත්තන් පෙන්විමේ කටයුතු සදහා ⁣තොර දක්ෂ නිළධාරින් පිරිසක් අඛණ්ඩව රාජකාරි සදහා යොදවා ඇති අතර ප්රධාන ⁣ජේලර් සුභාෂ් උපුල්දෙණිය මහතා විසින් නිරතුරුවම අදාල කටයුතු සිදුවන ආකාරය නිරික්ෂණය කරමින් නිළධාරින් වෙත උපදෙස් ලබාදී දැඩි ආරක්ෂක පියවර අනුගමනය කිරිම හේතුවෙන් මෙසේ සුක්ෂම අයුරින් බන්ධනාගාරය තුලට ලබාදීම සදහා රැගෙන ආ මත්කුඩු සිය භාරයට ගැනිමට අමුත්තන් පෙන්විමේ රාජකාරියේ යෙදි සිටි ජේලර් කේ.පි.ඩි.රංගන, නියාමක ලහිරු ලක්ෂාන් සහ නියාමක ඩි.එම් අනුරුද්ධ යන නිළධාරින් සමත් වී ඇත.
දැඩි ආරක්ෂක පියවර අනුගමනය කොට මහර බන්ධනාගාරය මත්කුඩු ඇතුළු තහනම් ද්රව්ය වලින් තොර කලාපයක් බවට පත්කර ඇති නිසා මේ ආකාරයේ සුක්ෂම ක්රම ඔස්සේ මත්කුඩු ගෙන ඒමට රැදවියන් උත්සාහ කරන බවත් සිය නිළධාරින්ගේ මනා කැපවීම හා දක්ෂතාවය මත එම උත්සාහයන් ව්යර්ථ වු බවත් මහර බන්ධනාගාර අධිකාරි ජගත් වීරසිංහ මහතා අප සමග අදහස් දක්වමින් ප්රකාශ කලේය.
 
( කවිතා සුබසිංහ )

ප්‍රතිචාරයක් ලබාදෙන්න