ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියක්ව සිට පසුකාලීනව බොලිවුඩ් සිනමා රංගන ශිල්පිනියක් ලෙස ජනතා ආකර්ෂණයක් හිමිකරගත් නිලි සනී ලියොන් පිළිබඳව අලුත්ම කතාවක් මේ වනවිට බොලිවුඩ් පුරයෙන් ඇහෙනවා.

ඒ ඇය ඉදිරියේදී චිත්‍රපට නිෂ්පාදනයට එක්වන පුවතයි.

මේ වනවිටත් මෙම සුවිශේෂී කඩඉමට පිවිස ඇති අතර ඇය තමන්ගේ ප්‍රථම සිනමා නිෂ්පාදනයේ මූලික කටයුතු සිදුකරමින් පවතින බවයි බොලිවුඩ් ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

එහි ප්‍රධාන චරිතයට සිය සැමියාවන ඩැනියෙල් වෙබර් යොදා ගන්නා බව ඇය සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එම චිත්‍රපටය පිරිවැය අධික ක්‍රියාදාම නිර්මාණයක් බවටයි වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ.

සනී ලියෝන්ගේ කුළුඳුල් නිෂ්පාදනය වන මෙම සිනමා කතා පුවත පියෙකු සහ දියණියක වටා ගෙතී ඇති බවයි බොලිවුඩ් සිනමා ලෝකයෙන් ආරංචි වන්නේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න