ග්රෑන්ඩ්පාස් නවගම්පුර ප්රදේශයේ හෙරොයින් ජවාරමේ නිරත වු “දීපිකා කුමාරි ලක්ෂ්මි රන්දෙණිගේ” නොහොත් “මෝල් චූටි” නම් කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.
 
අත්අඩංගුවට පත් කාන්තාව වයස අවුරුදු 35ක තැනැත්තියක් වන අතර ඇයගේ නිවස පරික්ෂා කිරීමේදී හෙරොයින් ග්රෑම් 20කට ආසන්න ප්රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
 
එසේම අදාළ කාන්තාවගේ නමට ඇති බැංකු පොත් සහ කාඩ්පත්ද පොලිස් භාරයට ගෙන ඇත.
 
පොලීසිය පවසන්නේ පසුගිය දින කිහිපය තුළ පමණක් අදාළ බැංකු ගිණුම් තුළ රුපියල් කෝටියකට ආසන්න මුදලක් සංසරණය වී ඇති බවය.
 
-adaderana.

Leave a Reply