හෝමාගම රෝහල COVID – 19 වෛරසය අසාදනය වී ඇති බවට සැක කටයුතු රෝගීන් සඳහා අද දින සිට ක්‍රියාත්මක වන පරිදි විවෘත වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි. අද (23) කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ...
කොවිඩ් 19 වෛරසය වයෝවෘද්ධ පුද්ගලයින්ට අසාදනය වීමේ ප්‍රවණතාව වැඩි බැවින් වයොවෘද්ධ පුද්ගලවයන් හැකිතාක් දුරට නිවෙස් තුළ රඳවා ගන්නා ලෙස කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බළකාය නිවේදනය කරයි.
නිරෝධායන ක්‍රියාවලිය මඟ හැරුණු පුද්ගලයින් සහ ළමුන් කිහිප දෙනෙකු හඳුනා ගැනීමට පොලීසිය මහජන සහාය පතයි ඉතාලියේ සිට ආපසු පැමිණි මෙම පුද්ගලයින් ලියාපදිංචි කර හෝ නිරෝධායනය කර නොමැත. මොවුන් පිළිබඳ තොරතුරු වෙතොත් පහත අංකයන්ට දැනුම් දෙන්​න. 119 071-8591864 011-2444480
ජෝර්දානයේ රැකියාව සදහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති මරුතමුතු නාගමුතු වඩිවම්බිකායි මහත්මිය පිළිබදව තොරතුරු ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි. වව්නියාව, තරනික්කුලම්, 4 වන මාවත, අංක 363 දරණ ලිපිනයේ පදිංචිව සිටි වඩිවම්බිකායි මහත්මිය 2009.02.12...