Home දේශීය පුවත්

දේශීය පුවත්

කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 14දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2969ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 3155ක් වන අතර රෝගීන් 174ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව...
පළාත් සභා මැතිවරණය අනිවාර්යයෙන්ම පවත්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දකුණු පළාත් සභාවේ හිටපු   මන්ත්‍රීවරයකු වන සෝමවංශ කෝදාගොඩ මහතාට සහතිකයක් දී තිබේ. පළාත් සභා මැතිවරණය පවත්වනවා දැයි කතරගමදී කෝදාගොඩ මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා ඇති අතර ඊට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කොට ඇත්තේ...
2016 වසරේදී රාජ්‍ය සේවයට එක් වූ සංවර්ධන නිලධාරීන් ස්ථිර කිරීම සඳහා  2019   දෙසැම්බර් මස පැවති කාර්යක්ෂමතා කඩයිම් විභාග ප්‍රතිඵල මේ වන තෙක් විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර නොමැති බව සංවර්ධන නිලධාරීන් පවසයි. සේවය ස්ථිර කිරීම සඳහා මෙම විභාගයේ ප්‍රතිඵල අත්‍යවශ්‍ය...
ජාතික සමගි ජන බලවේගෙයේ පක්ෂ අතර ඇතිවී තිබෙන අර්බුදය හේතුවෙන් එම සන්ධානය තුළ නායකත්වයේ අර්බුදයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ. ජාතික සමගි ජන බලවේගය පක්ෂයක් නොවන බවත් එය පක්ෂ ගණනාවකගේ සැදුම්ලත් සන්ධානයක් බව එහි සුළු පක්ෂ විසින් සජිත් ප්‍රේමදාස...
මොළයට කාවැද්දිය හැකි චිපයක් ප්‍රකට ටෙස්ලා තාක්ෂණික සමාගමේ නිර්මාතෘවරයා වන එලොන් මස්ක් විසින් හඳුන්වාදී තිබේ. එහිදී ඔහු ගර්ට්රූඩ් නම් ඌරෙකුට එම චිපය මුලින්ම බද්ධ කරමින් ඒ පිළිබඳ අනාවරණය කර තිබේ. මෙම චිපය මාස දෙකකට පෙර මෙම ඌරාගේ මොළයට ඇතුළු කර ඇති...
ආනවිලූන්දාව රම්සා තෙත්බිම් අභය භූමියෙන් කොටසක් ඉස්සන් ගොවිපළක් සකස් කිරීම සඳහා ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක තීරණය කර තිබෙනවා. ආනවිලූන්දාව රම්සා තෙත්බිම් අභය භූමියේ ඩෝසර් කර ඇති...
2021 වර්ෂයට අදාළව ඡන්ද හිමි නාම ලේඛනය සංශෝධනයට අදාල වන කටයුතු සැප්තැම්බර් 01 වනදා සිට ආරම්භ වන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසයි. සෑම වර්ෂයකම ජූනි මස 01 වනදා වන විට සංශෝධනයට ලක් කරණ ඡන්ද හිමි නාම ලේඛනය කෝවිඩ්19 වෛරසය...
ඝාතනය කළ පාතාල කල්ලි නායක, සමයංගේ ප්‍රධානතම වෙඩික්කරු ලෙස සැලකෙන ඉන්ද්‍රා පොලිස් වෙඩි පහරින් ඊයේ (29) අළුයම ජීවිතක්ෂයට පත්විය. පොලීසිය පැවසුවේ, සැකකරු ජීප් රථයෙන් පැන යාමට උත්සාහ කිරීමේදී මෙම වෙඩි තැබීම සිදුවූ බවය. බන්ධනාගාර බස් රථයක් තුළ ඝාතනයට ලක්වූ සමයංගේ ප්‍රධාතම...
නිරෝධායනය වෙමින් සිටියදී කළුතර, නාගොඩ රෝහලෙන් පලා ගිය කාන්තාව කෑගල්ල ප්‍රදේශයේ දී සෞඛ්‍ය අංශ භාරයට ගෙන තිබේ. පසුගිය 27 වන දා ඔස්ට්‍රේලියාවේ සිට මෙරටට පැමිණ ඇති 80 හැවිරිදි අදාළ කාන්තාව බේරුවල ප්‍රදේශයේ හෝටලයකට නිරෝධායන කටයුතු සදහා යොමු කර ඇති අතර...
ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 19 – 25 ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි දරුවන් අතර HIV ආසාදනය වීම වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටනේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි පවසනවා. දිවයින පුරා පිහිටි ජාතික...