අගමැති හරිනි සහ මෝදි එකම වේදිකාවක දී

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහභාගී වන NDTV ලෝක සමුළුව මෙම මස පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

එම සමුළුව ඔක්තෝබර් 17 සහ 18 යන දිනවල නවදිල්ලියේදී පැවැත්වීමට නියමිතය.

2025 – NDTV ලෝක සමුළුවේ ගෝලීය සංවාදයට වර්තමානයේ වඩාත්ම බලගතු රටවල් කිහිපයක රාජ්‍ය  නායකයින් සහභාගී නියමිත බව වාර්තා වේ.

ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි, ශ්‍රී ලංකාවේ හරිනි අමරසූරිය සහ හිටපු අගමැතිවරුන් දෙදෙනෙකු වන එක්සත් රාජධානියේ රිෂි සුනක් සහ ඔස්ට්‍රේලියාවේ ටෝනි ඇබට් මෙම සමුළුවට සහභාගී වීමට නියමිතය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments