වන අලි උවදුරට පිළියමක් ලෙස වන අලින් හීලෑ කර විකිණීම හෝ ආගමික සිද්ධස්ථාන වලට හෝ පුද්ගලයන්ට බාරදීම කළ යුතු බවට දඹුල්ල විශේෂිත ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයේ ගොව් සංවිධානයේ හිටපු සභාපති, දඹුල්ල නාගරික මන්ත්‍රී කුඩා බණ්ඩා දිසානායක මහතා රජයට යෝජනා කර ඇත.
මොරගහකන්ද වැනි මහ පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමේදී අලි මංකඩ ඇහිරි යෑම වන අලින් ගම් වැදීමට බලපා ඇති බව පෙන්වා දෙන මන්ත්‍රිවරයා වන අලින්ගේ වාසස්ථාන අහිමි වීමද අලි – මිනිස් ගැටුම් උග්‍රවීමට හේතුවන බව පවසයි.
ගම් වැදී ඇති වන අලින් යම් ප්‍රමාණයක් අල්ලා හීලෑ කර සංචාරක කර්මාන්තය සඳහා යොදා ගැනීමට හැකි වන අන්දමින් පුද්ගලයන් හෝ කණ්ඩායම්වලට ලබාදීමට කටයුතු කිරීමෙන් සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමේ හැකියාව ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
මේ වනවිට මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11න් 09 ටම වන අලි තර්ජන බලපා තිබේ.
මාතලේ – හේවා පී. කරුණාරත්න

