ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන නීතිගත කරන්නැයි ඉල්ලා පෙත්සමක්

ආයුර්වේද සම්බාහන ප්‍රතිකර්ම මධ්‍යස්ථාන නීතිගත කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින් සකස් කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා සම්බාහන අයිතිකරුවන්ගේ සංගමය විසින් අභියාචනාධිකරණය රිට් පෙත්සමක් ගොනුකර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, ආයුර්වේද කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ තමන් බලපත්‍රලාභී ආයුර්වේද  සම්බාහන (ස්පා) ආයතන පවත්වාගෙන යන්නන්ගෙන් සමන්විත සංගමයක් බවය.

තමන් විසින් පවත්වාගෙන යන සෑම සම්බාහන මධ්‍යස්ථානයකම සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකු හා සුදුසුකම්ලත් තෙරපිවරුන් හා තෙරපිවරියන් සිටින බවත් පෙත්සමෙන් සඳහන් කර තිබේ.

2019 වසරින් පසුව මෙවැනි සම්භාහන ආයතන පවත්වාගෙන යෑම සඳහා බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇති බවත් මේ හේතුවෙන් සිය රැකියා කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වි තිබෙන බවත් පෙත්සමේ සඳහන් වෙයි.

මේ හේතුවෙන් පොලීසිය වරින් වර සිය සම්බාහන මධ්‍යස්ථානවලට කඩා වැදී  මැදිහත්වීම් සිදුකිරීම නිසා සිය වෘත්තිය නිදහසේ කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බවත් පෙත්සමෙන් සඳහන් කර තිබේ. 

කෙසේ වෙතත් මෙවැනි සම්බාහන ආයතන නියාමනය කිරීම සඳහා රජය විසින් පනත් කෙටුම්පතක් සකස් කිරීමට සූදානම් වන බවට තොරතුරු ලැබී තිබෙන බවත් ඔවුන් පෙන්වා දෙයි.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත කඩිනමින් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

adaderana

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments