ඇමති බිමල්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

බලය අයුතු ලෙස භාවිතා කරමින් රතු ලේබලයෙන් යුතු බහාලුම් රේගුවෙන් පරීක්ෂාවකින් තොරව නිදහස්  කිරීමට උපදෙස් ලබා දීමේ නීතිවිරෝධී ක්‍රියාව  සිදු කල බිමල් රත්නායක අමාත්‍යවරයාට එරෙහිව   විමර්ශනයක් සිදු කර නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කර මෙන් ඉල්ලා පිවිතුරු හෙළ උරුමය විසින් 2025.06.02 දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් භාර දෙන ලදී.

පිවිතුරු හෙළ උරුමය සංස්කෘතික කටයුතු ලේකම් ශිරන්ත ජයලත් මහතා විසින් මෙම පැමිණිල්ල ගොණු කරන ලද අතර පිවිතුරු  හෙළ උරුමය කොළඹ දිසා සංවිධායකවරුන් පිරිසක්ද එම අවස්ථාවට එක්විය.

2025 ජුනි මස 02 වන දින

අධ්‍යක්ෂ ජනරාල්තුමා

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

අංක 36

මලලසේකර මාවත

කොළඹ 07


ගරු අධ්‍යක්ෂ ජනරාල්තුමනි 


පරික්ෂාවකින් තොරව බහලුම් 323ක් නිදහස් කිරීමට නීති විරෝධිව නියෝග කිරීම

2025 ජනවාරි මස 17 සහ 18 වන දින වල දී අනිවාර්යෙන්ම පරීක්ෂා කළ යුතු රතු සහ තැඹිලි මාර්ගයන්ගේ යැවිය යුතු බහාලුම් 323ක් කිසිදු පරීක්ෂාවකින් තොරව වරායෙන් පිට කර ඇති බවට රේගු වෘත්තීය සමිති සන්ධානය විසින් 2025 ජනවාරි මස 20 වන දින ජනාධිපතිතුමාට ලිඛිතව දැනුම් දී ඇත. (ඇමුණුම 01) ඉන් පසු 2025 ජනවාරි මස 21 වන දින ඔවුන් විසින් මාධ්‍ය හමුවක් පවත්වා මේ පිළිබඳ රටට අනාවරණය කරන ලදී. (රේගු වෘත්තීය සමිති සන්ධානය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේදී රේගු නිලධාරින්ගේ සංගමයේ සභපති අමිල සංජීව මහතා විසින් සිදු කළ ප්‍රකාශයේ අද දෙරණ ප්‍රවෘත්ති විකාශනයේ විකාශනය  කරන ලද කොටසේ ලිඛිත සටහන ඇමුණුම් 02)


අනීතික ලෙස නිදහස් කළ බහාලුම් 323ක් වරායෙන් නිදහස් කිරීම සිදු වුයේ බිමල් රත්නායක අමත්‍යතුමාගේ උපදෙස් මත බව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් 2025 ජනවාරි මස 29 වන දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.(ඇමුණුම 03) බහලුම් තදබදයට පිලියම් සොයන්න පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සභාපති බිමල් රත්නායක මැතිතුමා විසින් ජනාධිපතිතුමා භාරයේ ඇති මුදල් අමාත්‍යාංශ සතු ‍ශ්‍රී ලංකා රේගුවේ බහාලුම් 323ක් වරායෙන් නිදහස් කිරීමට උපදෙස් ලබා දීම නීති විරෝධි කටයුත්තකි. 


පරීක්ෂාවකින් තොරව රතු ලේබලයෙන් යුතු බහාලුම් සමාජයට මුදා හැරීම හරහා අවි ආයුධ, මත්ද්‍රව්‍ය, බාල ඖෂධ මෙන්ම ඕනෑම නීති විරෝධී ද්‍රව්‍යයක් රට තුලට පැමිණය හැකි බව රේගු වෘත්තීය සමිති සන්ධානය විසින්ම ප්‍රකාශ කර ඇත. ජනවාරි මාසයේ සිට මේ දක්වා වෙඩි තැබීම්හි කැපී පෙනෙන වර්ධනයක් සිදුවීම හේතුවෙන් බහාලුම් තුල අවි ආයුධ තිබෙන්නට ඇතැයි සාධාරණ සැකයක් අප හට ඇති වේ.  


මේ අනුව 2025 ජනවාරි මාසයේ 17 සහ 18 වන දිනවල දී බලය අයුතු ලෙස භාවිතා කරමින් රතු ලේබලයෙන් යුතු බහාලුම් නිදහස් කිරීමට උපදෙස් ලබා දීමේ නීතිවිරෝධී ක්‍රියාවට එරෙහිව   විමර්ශනයක් සිදු කර නීති ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කර මෙන් ඉල්ලා සිටිමු.


මෙයට

පිවිතුරු හෙළ උරුමය

ශිරන්ත ජයලත්

සංස්කෘතික ලේකම් 

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments