ඉන්දු පකිස් යුද්දයට ලංකාව සූදානම් කරයි..

ඉන්දීයාව හා පකිස්ථානය අතර ඇතිවී ඇති උණුසුම්කාරී තත්ත්වය සහ ඉදිරියේ දී ඇතිවිය හැකි ලෝක දේශපාලනික තත්ත්වයන් හේතුකොට ගෙන ලංකාවේ වරාය සහ ගුවන්තොටුපොළට එල්ල විය හැකි බලපෑම පිළිබඳව සාකච්ඡාවක් ප්‍රවාහන ,මහමාර්ග,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඉන්දු පකිස්ථාන අර්බුදය නිසා වරායට අමතර නැව් පැමිණීමට ඉල්ලීම් පවතින අතර ඒවා කාර්යක්ෂමව මෙහෙයුම් කටයුතු සිදු කිරීමටත් දැනට සිදුවන මෙහෙයුම් කටයුතුවලට බාධාවක් නොවී එම කටයුතු සිදුකිරීමට ඇති හැකියාව සහ යෝජනා සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

වරාය මෙන්ම ගුවන්තොටුපොළ ද ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන්ට සුදානමින් පවත්වා ගතයුතු බවට අවධාරණය කළ අමාත්‍යවරයා ලෝක දේශපාලන තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දෙමින් එය අවස්ථාවක් කර ගනිමින් කාර්යක්ෂම ව වරාය සහ ගුවන්තොටුපොළ මෙහෙයුම් කටයුතු සිදුකර ගතයුතු බවත් එහිදී පැවසීය.

වරාය අධිකාරියේ නිලධාරීන්,ගුවන්තොටුපල නිලධාරීන්, කොළඹ , හම්බන්තොට වරායන්වල පර්යන්ත භාර නිළධාරීන්, නැව් සමාගම් නියෝජිතයින් සහ රේගු නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments