ගිනි අවි, උණ්ඩ සමග ලොක්කෙක් අත්අඩංගුවට..

උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයකුගේ වැලිකඩ නාවල නිවෙසේ සඟවා තිබි ගිනි අවි සහ උණ්ඩ තොගයක් සොයාගත් බව බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.

මේ සම්බන්ධයෙන් එම අවස්ථාවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර අධ්‍යක්ෂකවරයා සමඟ බලපත්‍ර නොමැති පිස්තෝල වර්ගයේ ගිනි අවියක්, රිපිටර් වර්ගයේ ගිනි අවියක් හා බලපත්‍ර සහිත තවත් පිස්තෝල වර්ගයේ ගිනි

අවියක් සහ එම ජීව උණ්ඩ 20 ක් මෙසේ පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු රොක් පොස්පේට් අපනයන කරන සමාගම් සඳහා උපදේශන සේවාව සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයකු වශයෙන් කටයුතු කරන බවට කරන ලද විමර්ශනවල දී අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

රොක් පොස්පේට් අපනයනය කිරීමේ දී සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ ලැබී ඇති පැමිණිල්ලකට අදාළව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කරන විමර්ශනයකට අදාළව අධිකරණයෙන් ලබා ගන්නා ලද සෝදිසි වරෙන්තුවක් මත සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේ දී මෙම ගිනි අවි හමු වූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු 56 හැවිරිදි පුද්ගලයෙකි. නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.

– බිමල් ජයසිංහ

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments