ජනාධිපති වියට්නාමයේ සිට පුද්ගලික ගුවන් යානයකින් පැමිණීමෙන් විශාල මුදලක් රටට ඉතිරු වුනා..- විජිත

වියට්නාමයේ පැවති එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය සඳහා ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම මෙරටට පැමිණි පෞද්ගලික ගුවන් යානය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී උණුසුම් කතාබහක් ඇති විය.

එම පෞද්ගලික ගුවන් යානයෙන් මෙරටට පැමිණීම සංවිධානය කර තිබුණේ එක්සත් ජාතීන්ගේ බෞද්ධ කටයුතු කමිටුව විසින් බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පැවසූ අතර ඒ හරහා රටට විශාල මුදලක් ඉතුරු වූ බවත් පැවසුවේය.

වියට්නාමයට යාම සඳහා රජය විසින් වියදම දැරූ බවද ඒ මහතා කියා සිටියේය.

විපක්ෂ මන්ත්‍රී හර්ෂන රාජකරුණා මහතා ප්‍රශ්න කර සිටියේ රජය මුලින් නිවේදනය කළේ වියට්නාම රජයෙන් වියදම දැරූ බව වුවත් දැන් වෙනත් පාර්ශවයක් වියදම දරා ඇති බවද මෙය ගැටලුකාරී තත්ත්වයක් යයිද සදහන් කලේය.

C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments