දෙහිවල සත්වෝද්‍යානයේ නම භාවිත කරමින් මුදල් ගරන ජාවාරමක්

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ නම භාවිත කරමින් ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුමක් සම්බන්ධව එම සත්වෝද්‍යානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිපියක් යොමු කර තිබේ.

එම ලිපිය මගින් දන්වා ඇත්තේ  “Dehiwala Zoo – ශ්‍රී ලංකා ජාතික සත්වෝද්‍යානය” නමින් ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුමක් පවත්වාගෙන යමින් සත්වෝද්‍යානයේ කීර්ති නාමය අවභාවිත කරමින් ෆේස්බුක් ගිණුම් පරිශීලකයින්ගෙන් මුදල් ලබා ගැනීම් සම්බන්ධව මේ වන විට දෙහිවල ජාතික සත්වෝද්‍යානයට පැමිණිලි ලැබෙන බවය.

මෙම ෆේස්බුක් ගිණුම සමග දෙහිවල සත්වෝද්‍යානයට කිසිදු සම්බන්ධයක් නොමැති බව පෙන්වාදෙන එම සත්වෝද්‍යානය සඳහන් කර ඇත්තේ දෙහිවල සත්වෝද්‍යානයේ සංවත්සරය වෙනුවෙන් දිනුම් ඇදීමක් පවත්වන බවත් එම දිණුම් ඇදීම අවසානයේ ජයග්‍රාහකයින්ට විවිධ ත්‍යාග ලබා දෙන බවත් ආදී වශයෙන් පවසමින් මෙම මුදල් ලබා ගැනීම් සිදුකරන බවට පැමිණිලි ලැබුණු බවය.

ඒ අනුව ලිපියක් මගින් එම සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ආර්.සී රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇත්තේ නොමද ආකර්ශනයක් හිමි වී ඇති දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ කීර්ති නාමයට හා විශ්වාසනීයත්වයට හානි වන මෙම කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසය.

ඒ අනුව සිදුවන සමාජ මාධ්‍ය මගින් සත්වෝද්‍යානයේ නම භාවිත කරමින් සිදුකරනු ලබන මෙම මුදල් වංචාව සම්බන්ධව අවධානය යොමු කරමින් මෙය හැකි ඉක්මනින් වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසද අධ්‍යක්ෂ ජනරාල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබේ.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments