නිළි රැජින මාලනියට අවසන් ගෞරව දැක්වීමට ජනපති එක්වෙයි

සිනමා නිළි අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) රාත්‍රියේ පැමිණියේය.

ඇගේ දේහයට මහජන ගෞරව දැක්වීම සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ මේ වනවිට තැන්පත් කර ඇත.

78වන වියෙහි පසු වූ මාලනී ෆොන්සේකා මහත්මිය ඊයේ (24) අලුයම අභාවප්‍රාප්ත විය.

ඇගේ දේහය ඊයේ පස්වරුවේ මාදිවෙල, අනුර මාවතේ පිහිටි ඇගේ නිවස වෙත රැගෙන යාමෙන් අනතුරුව සිට මේ දක්වා ඇයට අවසන් ගරු බුහුමන් දැක්වීම සඳහා විශාල පිරිසක් පැමිණියේය.

එලෙස පැමිණි අය අතර හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, ඝෝඨභය රාජපක්ෂ, චන්ද්‍රකා කුමාරතුංග යන අයද විය.

නිළි රැජිනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී හෙට (26) පස්වරුවේ සිදුකිරීමට නියමිතය.

adaderana

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments