නීතිවිරෝධීව පෙට්‍රල් ලීටර් 604ක් රැස්කළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට

බලපත්‍රයක් රහිතව නීතිවිරෝධී අයුරින් පෙට්‍රල් ලීටර් 604ක් රැස්කරගෙන සිටි ව්‍යාපරිකයෙකු ඊයේ (18) පොළොන්නරුව මීගස්වැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 70 හැවිරිදි සිල්ලර වෙ‍ෙළඳසැලක් පවත්වාගෙන ගිය අයෙකු බව පොලීසිය සඳහන් කරයි.

මැදිරිගිරිය මීගස්වැව පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇත.

මීට දින කිහිපයකට පෙර සැකකරු විසින් ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල්වලින් පෙට්‍රල් තොග රැස්කරගෙන ඇති බව සඳහන්ය.

පෙට්‍රල් හිඟ අවස්ථාවලදී වැඩි මිලට අලෙවි කිරීමේ අරමුණින් මෙම ඉන්ධන තොග රැස්කර ඇති බවට පොලීසිය සැක පළ කරයි.

සැකකරු අද (19) හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments