පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදිගෙන් විශේෂ අවසරයක්

කාශ්මීරයේ පෙහෙලෙගාම්හිදී එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස පාකිස්තානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඉන්දීය ආරක්ෂක හමුදාවන්ට අවසර දී ඇත.

ඉන්දීය මාධ්‍ය පවසන්නේ ප්‍රහාර එල්ල කළ යුතු වේලාව සහ ඉලක්ක තීරණය කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එරට ආරක්ෂක හමුදාවන්ට පූර්ණ මෙහෙයුම් නිදහස ලබාදී තිබේ.

විශේෂ ජාතික ආරක්ෂක කවුන්සලයේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම අවසරය ලබාදී ඇති අතර ඉන්දීය හමුදා ප්‍රධානීන් ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාද ඊට එක්ව ඇත.

විදෙස් මාධ්‍ය පවසන්නේ ඉදිරි පැය 36ක් ඇතුලත ඉන්දියාව විසින් හමුදා ප්‍රහාරයක් දියත් කිරීමට සූදානමක් ඇති බවයි.

කෙසේ වෙතත් පාකිස්තාන ආරක්‍ෂක ඇමතිවරයාද සදහන් කරන්නේ ඉන්දියාවෙන් එල්ල වන ඕනෑම ප‍්‍රහාරයකට වහා ප්‍රතිචාර දක්වන බවයි.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments