යූටියුබ් සුදාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් විශේෂ විමර්ශන‍යක්

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට පත්වීම සහ රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධව අධිකරණ තීන්දුවට පෙර ප්‍රකාශයක් සිදුකළ සුදත්ත තිලකසිරි නමැත්තා සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එස්.යූ. වුට්ලර් පවසනවා.

ඒ එක්සත් ජාතික පක්ෂයේ වෘත්තියවේදීන්ගේ සංගමය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුවයි.

එකී සුදත්ත නමැත්තා තමාට අයත් යූටියුබ් නාලිකාවක් ඔස්සේ ඉහත සිදුවීම් සම්බන්ධයෙන් කරුණු හෙළිකළ අතර, පසුව ඒ සම්බන්ධයෙන් සමාජයේ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වුණා.

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ‍CIDයට ප්‍රකාශයක් දීමට පැමිණෙන අවස්ථාවේ අත්අඩංගුවට ගන්නා බවත් ඔහුව එදින රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් සුදත්ත තිලකසිරි නැමැත්තා විසින් සිය යූටියුබ් නාලිකාවේ වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා.

එම ප්‍රකාශය ඔහු විසින් සිදුකර තිබුණේ හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට පත්වීමට දිනකට පමණ පෙරයි.

එහිදී දේශපාලඥයින්, නීති විශාරදයින්, ජනතාවගෙන් ඇතුළු විවිධ පාර්ශ්වයන්ගෙන් මෙම ප්‍රකාශය සිදුකිරීම සම්බන්ධයෙන් බරපතළ චෝදනා රැසක් රජයේ පාර්ශ්වය වෙත සහ එකී සුදත්ත නමැති පුද්ගලයා වෙත පසුගිය දින කිහිපයේදී එල්ල කෙරුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් ලැබුණු එම පැමිණිල්ල විමර්ශන නිලධාරින් විසින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වෙත යොමුකර තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එස්.යූ. වුට්ලර් සඳහන් කළේ පොලිස්පතිවරයා විසින් එම පැමිණිල්ල විමර්ශනය සඳහා විශේෂ විමර්ශන ඒකකයකට භාරදීමට පියවර ගන්නා බවයි.

hirunews

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments