රුපියල් ලක්ෂ 36 ක් පමණ වටිනා ගංජා හයිබ්‍රිඩ් කුෂ් පැළ තොගයක් සමග ගිනිබටයෙක් අත්අඩංගුවට

දෙහිවල නැදිමාල රුපසිංහ පාරේ සුපිරි තෙමහල් නිවසක උඩුමහලේ සරුවට වගාකර තිබූ රුපියල් ලක්ෂ 36 ක් පමණ වටිනා ගංජා හයිබ්‍රීඩ් කුෂ් පැල තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය පවසයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 33ක් වූ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ ගිනිබටයෙකි.

එම සැකකරු සමග අඩි 2 -1/2 – 3 ආදී විවිධ ප්‍රමාණවලින් ගංජා හයිබ්‍රිඩ් කුෂ් පැළ 36 ක් පොලිස් භාරයට ගෙන ඇ‍ති බවයි වාර්තා වෙයි.

දෙහිවල පොලිසියේ ස්ථානාධිපතිට ලද තොරතුරකට අනුව වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක සංජීව අලුත් ගෙදර ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අන්තර්ජාලය හරහා ඇමෙරිකාවෙන් ආනයනය කරන ලද ගංජා හයිබ්‍රිඩ් කුෂ් ඇට මගින් මෙම පැළ රෝපණය කරන බවට අනාවරණය වී ඇති බවය පොලිසිය පවසයි.

එමගින් නිෂ්පාදනය කරන මත්ද්‍රව්‍ය මිතුරන් අතරේ අලෙවි කරන බව පැවසුවත් එම සැකකරු රාත්‍රී සමාජ ශාලාවල සඳහා යොමු වන්නන් සඳහා අධික මුදලකට අලෙවි ඇති බවට සැක කරන බවයි පොලිසිය පවසයි.

මෙම පැළ වේලීමෙන් අනතුරුව ග්‍රෑම් එකක් රුපියල් 8500/= මුදලකට අලෙවි කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments