ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුව අද

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78වන සමුළුව අද (13) සිට 15 වැනිදා දක්වා කොළඹ දී පැවැත්වේ. 

පුරා තෙදිනක් පැවැත්වෙන මෙම 78වන සමුළුව සඳහා සත්කාරකත්වය ශ්‍රී ලංකාව විසින් සපයනු ලබයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියා ආයතන භාර නිලධාරී කැතරිනා බොහ්මේ යන මහත්ම මහත්මීන් ඇතුළුව රටවල් 8ක් නියෝජනය කරමින් එම රටවල සෞඛ්‍ය අමාත්‍යවරු සහ රටවල් දෙකක් නියෝජනය කරමින් තානාපතිවරු ද අනෙකුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් ද මෙම සැසිය සඳහා සහභාගිවන අතර ඔවුන් ඉදිරි වසර සඳහා කලාපයේ සෞඛ්‍ය න්‍යාය පත්‍රය ද මෙහි දී සකස් කරනු ඇත.

ශක්තිමත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා හරහා සෞඛ්‍ය සම්පන්න වයස්ගත වීම සහ දුම් රහිත දුම්කොළවලට එරෙහිව සටන් කිරීම, හැත්තෑ අටවන කලාපීය කමිටු සැසියේ දී සෞඛ්‍ය නායකයින් සාකච්ඡා කරනු ලබන කරුණු අතර ප්‍රධාන ප්‍රමුඛතා වේ.

දකුණු සහ අග්නිදිග ආසියානු කලාපීය සෞඛ්‍ය හදිසි අරමුදලේ සංචිතය පුළුල් කිරීම සහ ක්ෂුද්‍ර ජීවි ප්‍රතිරෝධයට එරෙහි ක්‍රියාමාර්ග වේගවත් කිරීම පිළිබඳ සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වමින් ඉදිරි නිගමනවලට එළැඹීමට නියමිතය.

මෙම කලාපීය සමුළුවේදී ප්‍රමුඛ සෞඛ්‍ය ගැටලු පිළිබඳ යෝජනා සම්මත කර ගැනීමටත්, පෙර වසරවල යෝජනාවල ප්‍රගතිය සමාලෝචනය කිරීමටත් මෙහි දී අපේක්ෂා කෙරෙනු ඇත. 

සියලු ජනතාවගේ සෞඛ්‍යය හා යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම, සැපයීම සහ ආරක්ෂා කිරීම සහ සෞඛ්‍ය ආශ්‍රිත තිරසාර සංවර්ධන ඉලක්ක නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග නැවත පණ ගැන්වීම ද මෙහි අරමුණක් වේ.

adaderana

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments