ශ්‍රී ලංකාවේ මීළඟ පියවර ගැන IMF මතක් කරයි

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් IMF විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනයට අදාළ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයට අදාල විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි වනු ඇති බවට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් පෙන්වා දෙන්නේ ඒ සඳහා ශ්‍රී ලංකාව විසින් IMF එකඟතා සම්පූර්ණ කළ යුතුව ඇති බවය.

ඇය මේ බව සඳහන් කළේ සති පතා පැවැත්වෙන IMF තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීය.

පසුගිය අප්‍රේල් 25 වන දින, IMF විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනයට අදාළ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයට පැමිණීමට සමත් විය. 

ඒ අනුව අදාළ විධායක මණ්ඩලයේ අනුමැතිය සඳහා ශ්‍රී ලංකාව විසින් සම්පූර්ණ කළ යුතු ප්‍රධාන කරුණු 2ක් අවධාරණය කරන ජුලි කොසැක් වැඩිදුරටත් සඳහන් කරන්නේ, පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කිරීම සහ ස්වයංක්‍රීය විදුලි මිල ගැළපුම් යාන්ත්‍රණයේ නිසි ක්‍රියාකාරිත්වය සහතික කිරීමට ශ්‍රී ලංකා රජය කඩිනමින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments