අගමැති හරිනි චීනය බලා පිටත්ව යයි

චීනයේ බීජිං හි  පැවැත්වෙන  “කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව 2025” සඳහා සහභාගී වීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (11) රාත්‍රී දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

මහජන චීන සමූහාණ්ඩුවේ ආරාධනය අනුව අග්‍රාමාත්‍යවරිය චීනය බලා පිටත්ව ගොස් ඇති අතර අද සිට ලබන 15 වනදා දක්වා එරට සංචාරය කිරීමට නියමිතය.

එහිදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් චීන රජය සහ බීජිං හි පිහිටි  එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය එක්ව සංවිධානය කරන “එක්  අනාගතයක්: කාන්තාවන් සඳහා  නව සහ වේගවත් සංවර්ධනයක්” යන තේමාව යටතේ පැවැත්වෙන කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව ඇමතීමට ද නියමිතව තිබේ.

මෙම සංචාරයේදී  මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං සහ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය ලී චියැං මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද අග්‍රාමාත්‍යවරිය සහභාගීවීමට නියමිතය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments