අග්‍රාමාත්‍ය කාර්යාලයට අභ්‍යන්තර කටයුතු ඒකකයක්

ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයකට අනුව අග්‍රාමාත්‍ය කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවීම ඊයේ (06) අරලියගහ මන්දිරයේදී සිදු කර තිබෙ.

ඒ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රීගේ ප්‍රධානත්වයෙන්.

ඒ අනුව අග්‍රාමාත්‍ය කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධානී ලෙස අතිරේක ලේකම් (පාලන) රුවන් ජයසුන්දරද, සුපිළිපන්න නිලධාරී ලෙස පරිපාලන නිලධාරී කේ. ඒ. එස්. ශ්‍රීපාලිද පත්කර ඇති බවට වාර්තා වේ.

නිලධාරීන්ගේ සුපිළිපන්නභාවය තහවුරු කරමින් අල්ලස සහ දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කිරීමේ අත්‍යාවශ්‍ය වැදගත්කම කෙරෙහි රජයේ ප්‍රමුඛතම අවධානය යොමු කරමින් රාජ්‍ය අංශය තුළ ශක්තිමත් දුෂණ විරෝධී ක්‍රියාමාර්ග හඳුන්වාදීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 156 වන වගන්තිය යටතේ දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය ඇතුළු අනෙකුත් දූෂණ විරෝධී ජාත්‍යන්තර සම්මුතීන් ක්‍රියාත්මක කිරීම, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත සහ අල්ලස් හා දුෂණ වැළැක්වීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම වෙනුවෙන් මෙම අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවා තිබේ.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments