අදෘශ්‍යමාන බලවේග කියා දෙයක් නෑ.. මිනිසාට සියල්ල සොයා ගත හැකියි..- බිමල්

ලෝකයේ පවතින රියදුරු නිරීක්ෂණ ක්‍රමවේදයන් මෙරට තුළද ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

කෘතිම බුද්ධියෙන් මෙහෙයවන පද්ධති හරහා රියදුරුව නිරන්තරයෙන් ඒ හරහා පරීක්ෂාවට ලක් කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

ගැරඬියල්ල ප්‍රදේශයේ සිදුවූ බස් අනතුර සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

අනතුර පසුපස අදෘශ්‍යමාන බලවේගයක් ඇති දැයි මාධ්‍යවේදීන් කළ විමසීමකට අමාත්‍යවරයා කියා සිටියේ අදෘශ්‍යමාන බලවේග යනුවෙන් කිසිවක් නැති බවත් මිනිසාට සියල්ල සොයා ගත හැකි බවත්ය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments