අද භයානක සුළි කුණාටුවක් – සියලු දෙනාටම විශේෂ අනතුරු ඇඟවීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ත්‍රීකුණාමලය සිට කිලෝ මීටර 800 ක් පමණ ඊසාන දෙසින් ස්ථානගත වී ඇති බව නිවේදනය කර ඇත.

ඒ අනුව මෙම පද්ධතිය 26 දින, එනම් ඊයේ දින ගැඹුරු පීඩන අවපාතයක් සහ 27 දින, එනම් අද දින සුළි කුණාටුවක් සහ 28 වන දින, එනම් හෙට දින උදෑසන චණ්ඩ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් ඉන්දියාවේ අද්‍රා ප්‍රදේශ වෙරළ තීරයට ගමන් කරනු ඇති බවට බලාපොරොත්තු වේ.

එබැවින් යළි දැනුම් දෙන තුරු කන්කසන්තුරය සිට ත්‍රීකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රීතව ධීවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා ඇත.

එසේම ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ධීවර ප්‍රජාව ද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments