අද සිට 12 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි

සැප්තැම්බර් මාසයේ පළමු පාර්ලිමේන්තු සතිය අදින් (09) ආරම්භ වේ.

අද සිට ලබන 12 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.

අද දිනයේ දී ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ආයෝජන ප්‍රවර්ධන හා අන්‍යොන්‍ය සුරක්ෂණ ගිවිසුම පිළිබඳ යෝජනා සම්මතය සම්මත කිරීමට නියමිතව තිබේ.

එය පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු අතර ඊට අදාළ ඡන්ද විමසීම අද පස්වරු 5ට පැවැත්වීමට නියමිතය.

හෙට (10) දිනයේ දී සමථකරන, සිවිල් සහ වානිජ ආරවුල් පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර අනිද්දා (11) දිනයේ දී ජාතික විගණන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.

මේ අතර ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අද දිනයේ පාර්ලිමේන්තුවේ දී කථානයක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරුන්ට හෝ ඔවුන්ගේ වැන්දඹුවන්ට ගෙවනු ලබන නිල නිවාස හෝ මාසික දීමනා ඉවත් කිරීමට යෝජනා කර ඇති මෙම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් පෙත්සම් කිහිපයක් ගොනුකර තිබුණි.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments