අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ නව විෂය නිර්දේශ කඩිනමින්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 01 සහ 06 ශ්‍රේණි සඳහා වන විෂය නිර්දේශය කඩිනමින් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව මහතා පවසන්නේ ඊට අදාළ ගුරු අත්පොත් සහ කාල සටහන ද නිකුත් කිරීමට පියවර ගන්නා බවය.

මෙතෙක් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ කිසිදු ශ්‍රේණියක් සඳහා නිල වශයෙන් විෂය නිර්දේශ, ගුරු අත්පොත් හෝ කාල සටහන් නිකුත් කර නොමැති බව ඔහු පැවසීය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වර්ෂය සඳහා 01 සහ 06 ශ්‍රේණිවලට අදාළ මොඩියුලර් සහ ගුරු මාර්ගෝපදේශ බව පවසන සටහන් රැසක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.

මේ සම්බන්ධයෙන් අද දෙරණ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව මහතාගෙන් විමසීමක් සිදුකළ අතර ඔහු සඳහන් කළේ එම වාර්තා අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කළ ඒවා නොවන බවය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාලව මාර්ගෝපදේශ කඩිනමින් නිකුත් කිරීමට කටයුතු කරන අතර ඒ අනුව විෂය නිර්දේශ සහ ගුරු අත්පොත් සකස් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

2026 වර්ෂයේ සිට 01 සහ 06 ශ්‍රේණි සදහා නව විෂය නිර්දේශයක් හදුන්වා දීමට සැලසුම් කර ඇති අතර ඒඅනුව පාසල් පැවැත්වෙන කාලසීමාව ද සංශෝධනය කිරීමට සැළසුම් කර තිබේ.

ඊට අමතරව 01 සහ 06 ශ්‍රේණි සදහා ලබන වසරේ සිට පෙළ පොත් ලබා නොදීමට ද තීරණය කර ඇති බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා මේ වන විටත් ගුරුවරුන් පුහුණු කර ඇති අතර ඒ අනුව ලබන වසර ආරම්භයේ සිට එය ක්‍රියාත්මක කිරීමට සියලු සැළසුම් සකස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

aruna

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments