අනුරපුරේ අනුදි රූ රැජින අවසන් වටයට

ඉන්දියාවේ පැවැත්වෙන 2025 ලෝක රූ රැජින කිරුළ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර, එම තරගාවලියේ ප්‍රධානතම අභියෝගය ලෙස සැලෙකන ‘හෙඩ් ටු හෙඩ්’ වටයට සහභාගී වෙමින්, ඇය කවුරුන්දැයි ලොවට හදුන්වා දුන්නාය.

25 හැවිරිදි අනුදි, වේදිකාවේ සිට ඇය කවුරුන්දැයි හඳුන්වා දුන්නේ, ධම්ම පදයෙන් උපුටා ගැනීමක් ද කරමිනි. මෙය බොහේ දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත් විය.

සබ්බ පාපස්ස අකරණං; කුසලස්ස උපසම්පදා; සචිත්ත පරියොදපනං; එතං බුද්ධානසාසනං. මේ වදන් මා උපුටා දක්වන්නේ ධම්ම පදයෙන්. මෙහි අර්ථය සෑම ආකාරයකම නපුරෙන් (අකුසලයෙන්) මිදෙන්න; කුසල් රැස් කරන්න. මම විශ්වාස කරන්නේ මගේ ජීවිතයේ අරමුණ මෙයයි. යැයි පවසමින් අනුදි ඊයේ (21) සවස, හයිද්‍රාබාද් නුවර ලෝක රූ රැජින වේදිකාවේ සිට ඉංග්‍රීසි බසින් ලෝකය ඇමතුවාය.

‘හෙඩ් ටු හෙඩ්’ වටයට සුදුසුකම් ලැබූ සෙසු සුරූපිනියන් ද තමන් කවුරුන්දැයි මෙහිදී හඳුන්වා දීමක් කළ අතර, අනුදි ඇය ගැන කළ හැඳින්වීම ඒ අතරින් කැපී පෙනුනු බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

‘මම මගේ මවු රටට ආදරෙයි. මගේ මවු රට තමයි ශ්‍රී ලංකාව. මට අවුරුදු 25 යි. මම අන්තර්ජාතික සබඳතා පිළිබඳ උපාධිධාරිනියක්. මට මගේ මවු භාෂාව සිංහල පුළුවන්. ඉංග්‍රීසි පුළුවන්. ඒ වගේමයි දෙමළ සහ ප්‍රංශ භාෂා ගැනත් මට යම්තාක් දුරට දැනුමක් තිබෙනවා. ශ්‍රී ලංකාව පුංචි දූපතක්. සිතියමේ හරිහැටි පෙනෙන්නේවත් නැහැ. ඒත් මගේ වැසියන්ගේ හදවත්, ඔවුන්ගේ බලාපොරොත්තු, අපේක්ෂා හරිම විශාලයි. රටක් හැටියට අපි අභියෝග රැසකට මුහුණ දුන්නා. ඒත් මගේ රට වැසියන් ඒ සියලු අභියෝග ජයගත්තා. ධෛර්මත්ව. උපේක්ෂාවෙන්. ඒ ගැන මම කතා කරන්නේ ආඩම්බරයෙන්.’ යැයි අනුදි තමා හදුන්වා දෙමින් පැවැසුවාය.

අනුරාධපුරයේ උපන් තැනැත්තියක වන වන අනුදි, ලෝක උරුමයක් ද වන අනුරාධපුරය ගැන ආඩම්බරයෙන් හැඳින්වීමක් කළාය. අනුරාධපුරයේ උරුමය තමන්ට ලෝකය හමුවට රැගෙන යෑමට හැකි වීම පිළිබඳ ඇය කතා කළේ අභිමානයෙනි.

(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments