අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කර තිබේ.

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පසුගිය මස 08 දින පැවැත්වූ අතර එහිදී දෙවනවර කියවීමේ විවාදයෙන් පසුව, කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බලන ලදී. 

අනතුරුව පනත් කෙටුම්පත තෙවනවර කියවීමෙන් පසු ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව එය පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මෙම පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා මාර්තු මස 01 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 05 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත වශයෙන් බලාත්මක වන බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය නිවේදනය කර තිබේ.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments