අපි පක්ෂයක් ලෙස වැඩි ඡන්ද දිනා ගත්තට සමහර තැන් වල ගැටළුවක් තියෙනවා

වැඩිම ආසන සංඛ්‍යාවක් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළද ඇතැම් ආයතන වල ගැටළුවක් මතුව තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

“සමහර තැන් වල ගැටළුවක් තිබෙනවා. ඒ තමයි අපි පක්ෂයක් ලෙස වැඩි ඡන්ද දිනා ගත්තට අනිත් පක්ෂ ඔක්කෝම එකතු කළාම සමහර තැන් වල ජාතික ජන බලවේගයට වඩා මන්ත්‍රී සංඛ්‍යාවක් වැඩි තැන් ටිකක් තියෙනවා. නමුත් පොදුවේ ගත්තොත් තනි පක්ෂයක් ලෙස වැඩිම සංඛ්‍යාවක් ජයග්‍රහණය කරලා තියෙන්නේ අපි. ”

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments