අපේක්ෂකයන් 75589ක් සටනේ

පළාත්පාලන අයතන 339 ක්  සඳහා  සභිකයින් 8287ක් තොරාපත් කර ගැනිමේ ඡන්ද විමසිම අද (06) උදේ 7.00 සිට සවස 4.00 දක්වා පැවැත්වේ.

ඡන්දය සලකුණූ  කිරිම සදහ කතිරය පමණක්  භාවිතා කරන ලෙසත් ඡන්ද පත්‍රිකාවේ වෙනත් සලකුණුක් තැබිම ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේප විමට හේතුවක් බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

මෙම ඡන්ද විමසීම සඳහා දේශපාලන පක්ෂ 49 ක් හා ස්වාධීන කණ්ඩායම් 257ක්  ඉදිරිපත්ව සිටින අතර සමස්ත අපේක්ෂකයන්ගේ ප්‍රමාණය 75589 කි.

 මහනගර සභා 28 ක්, නගර සභා 36 ක් හා ප්‍රාදේශීය සභා 275 ක් ඇතුළත් පළාත් පාලන ආයතන 339 ක්  මුලික කර ගනිමින් මෙම ඡන්ද විමසිම සිදුවේ.

තවමත් නිල ඡන්ද දැන්විම පත්‍රිකා නොලබුණූ ඡන්දයකින්ට අද(06) දිනයේදිත්  පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ඡන්ද නාම ලේඛනයේ නම සඳහන් ලිපිනය පිහිටි ප්‍රදේශයේ තැපැල් කාර්යාලයට ගොස් ස්වකීය අනන්‍යතාවය ප්‍රකාශ කිරීමෙන් පසු නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබාගත හැකිය.

නිල ඡන්ද දැන්විම පත්‍රිකාවක් නොමැතිව වුවත්  ඡන්දය භාවිතා කල හැකි බවත් තැපැල් කාර්යාලට අමතරව මැතිවරණ කොමිෂන් සභා වෙබ්අඩවිය තුලින්ද නිල ඡන්ද දැන්විම පත්‍රිකාවක් භාගත කල හැකි බවද මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

මෙම ඡන්ද විමසීමේදී ඡන්දය භාවිත කිරීමට හැකි අනන්‍යතා පත්‍ර10 ක් මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

අද දින පැවැත්වෙන ඡන්ද විමසීමේදී ඡන්ද පොළේදී මෙම අනන්‍යතා පත්‍රවලින් එකක් අනිවාර්යෙන්ම ඉදිරිපත් කළ යුතු බවද පෙන්වා දෙයි.

එසේ ඉදිරිපත් කිරීමට නොහැකි වුවහොත් ඡන්ද පොළේදී ඡන්ද පත්‍රිකාවක් නිකුත් නොකරන බවද සඳහන් කරයි.
මේ අනුව ජාතික හැඳුනුම්පත, (පැරණි හෝ නව) වලංගු රියදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය, මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙන තාවකාලික හැඳුනුම්පත හා ජාතික හැඳුනුම්පත වෙනුවට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින්  නිකුත් කරනු ලබන තොරතුරු තහවුරු කිරීමේ ලිපිය භවිත කළ හැකි බවද සඳහන් කරයි. 

මීට අමතරව විශ්‍රාම වැටුප්  දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ රාජ්‍ය සේවක විශ්‍රාම හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන පූජ්‍ය පූජක හැඳුනුම්පත, මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන පූර්ණ ආබාධ සහිත තැනැත්තන් සඳහා  නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත, මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඡායාරූප සහිත තාවකාලික රියදුරු බලපත්‍රයත් ඡන්ද පොළ තුළදී භාවිත කළ හැකි බවද පෙන්වා දෙයි.

නම කියවිය නොහැකි හා ඡායාරූපයෙන් පුද්ගලයා හඳුනාගත නොහැකි   හැඳුනුම්පත් වලංගු හැඳුනුම්පතක් ලෙස පිළිනොගන්නා බවද පෙන්වා දෙයි.

මීට අමතරව අමාත්‍යාංශ දෙපාර්තමේන්තු නිකුත් කර ඇති සේවා හැඳුනුම්පත්,  ජාතික හැඳුනුම්පත් ඉල්ලුම් කිරීමේදි නිකුත් කරනු ලබන කුවිතාන්සිය ආදී වෙනත් කිසිදු ලියවිල්ලක් ඡන්දය භාවිත කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් නොවන බවද සඳහන් කරයි.

පරිපාලන දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි ගණන් කිරීමේ මධ්‍යස්ථාන 5783 ක් ස්ථාපිත කර තිබේ.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments