අපේක්‍ෂකයෙක් ප‍්‍රභාකරන්ගේ රුව යොදා මැතිවරණ ප‍්‍රචාරක පත‍්‍රිකා බෙදයි…

මුලතිව් මුල්ලියාවලෙයි නැගෙනහිර පළාතෙන් මෙවර ප්‍රාදේශීය සභාවට තරග වදින අපේක්ෂකයෙකු කොටි සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූපයක් සමග ඔහුගේ ඡායාරූපයක් යොදා මැතිවරණ ප්‍රචාරක දැන්වීමක් බෙදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුලතිව් මුල්ලියාවලෙයි පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

මෙම අපේක්ෂකයා මුලතිව් මුල්ලියාවලෙයි නැගෙනහිර පළාතේ සියලුම නිවෙස් වලට එම ප්‍රචාරක පත්‍රිකාව බෙදාහැර ඇති අතර පොලිසිය එම නිවෙස් වලට ගොස් එම පත්‍රිකා රැසක් එකතු කරගෙන තිබේ.

එම පත්‍රිකා ළඟ තබාගෙන සිටි පුද්ගලයන් කීප දෙනෙකුගෙන්ම ප්‍රශ්නකොට ඇති අතර ඒවා බෙදා හරින ලද පුද්ගලයන්ගේ තොරතුරුද පොලිසිය විසින් එක්රැස් කරගෙන ඇත.

පොලිසිය විසින් මේ පිළිබඳව මුලතිව් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා වෙතද තොරතුරු දැනුම් දී ඇති අතර මැතිවරණ නිලධාරීන්ද ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

අදාළ අපේක්ෂකයාට පොලිසිය වෙතපැමිණෙන ලෙස පණිවුඩ යවා ඇති අතර ඔහු පොලිසිය වෙත නොපැමිණෙන්නේ නම් ඔහුව අත් අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවද මුල්ලියාවලෙයි පොලිසිය ප්‍රකාශ කරයි.

දිනසේන රතුගමගේ

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments