අඹේපුස්ස – අලව්ව අතර දුම්රිය ධාවනය සීමාකරයි

අඹේපුස්ස සහ- අලව්ව අතර බුජ්ජොමුව පාලම ස්ථිරව සවිකිරීම සඳහා එම දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය ලබන අප්‍රේල් 1 වැනිදා සිට 5 වැනිදා දක්වා එක් මාර්ගයකට පමණක් සීමා කරන බවත් අප්‍රේල් 1 වැනිදා සිට 4 වැනිදා දක්වා කාලය තුළ කොළඹ කොටුව සහ- රඹුක්කන දුම්රිය දෙකක් අඹේපුස්ස දක්වා සීමා කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම ස්ථානයේ පැවති පැරණි ගඩොල් ආරුක්කු බෝක්කුවට ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ හානි හේතුවෙන් කැඩී යාමත් සමඟ මාර්ගය යටින් අඩි 45ක් පමණ කුහරයක් ඇතිවීම නිසා තාවකාලික පාලමක් සවිකර දුම්රිය ධාවනය කළ බවත් එම පාලම හේතුවෙන් ධාවන වේගය පැයට කිලෝමීටර් 10ක වේගයක් දක්වා අඩුකර තිබූ බවත් එම දෙපාර්තමේන්තුව කියයි.

Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments