අයිස් කන්ටේනර් චෝදනාවට මුහුණ දෙන්න සූදානම්…

“අයිස්” නිෂ්පාදනයට යැයි කියන අමුද්‍රව්‍ය සහිත කන්ටේනර් දෙකක් ආරක්ෂක අංශ විසින් හඳුනාගැනීමෙන් පසු ඒල්ල වන චෝදනා දැඩි ලෙස හෙළා දකින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙම චෝදනා පිටුපස ඇති හේතු සහ ඒවායින් ලාභ ලබන පාර්ශ්වයන්, මෙම චෝදනා අසත්‍ය බව ඔප්පු වන තුරු රටට හෙළිදරව් කරන බව රාජපක්ෂ මහතා පැවසීය.

“අප මෙම කන්ටේනර් දෙක සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට මුහුණ දීමට සූදානම්. NPP සහ යහපාලන ආණ්ඩුව බලයට පත් වූ දා සිට, ඔවුන් කළේ අපට චෝදනා කිරීම පමණයි. අපව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, අල්ලස් කොමිසමට, මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට සහ අධිකරණයට කැඳවා තිබෙනවා. ඒ හා සමානව, මෙම මත්ද්‍රව්‍ය කන්ටේනර් සම්බන්ධ චෝදනා පිළිබඳ ඕනෑම විමර්ශනයකට මුහුණ දීමට අප සූදානම්,” ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත්, මෙම කන්ටේනර් සිදුවීමට සැබවින්ම සම්බන්ධ පුද්ගලයන්ගේ අනන්‍යතාවය රජය විසින් හෙළිදරව් කළ යුතු බව රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

 C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments