අල්ලස් කොමිසමේ සභාපතිට එරෙහි නඩුව ඉල්ලා අස්කර ගනී…

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පත් කිරීමට එරෙහිව ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (සැප්තැම්බර් 23) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගෙන තිබේ.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන, විනිසුරු මහින්ද සමයවර්ධන සහ විනිසුරු සම්පත් අබයකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම කරුණ කැඳවූ අවස්ථාවේදී, පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා එම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අධිකරණයේ අවසරය පැතීය.

ඒ අනුව, පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට නියෝග කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති, කථානායක ජගත් වික්‍රමරත්න, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන්, අල්ලස් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක සහ තවත් කිහිප දෙනකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි.

 C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments