අවශ්‍ය කරන සැකකරුවෙක් – දැක්කොත් පොලීසියට කියන්න

අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටී.

පසුගිය වසරේ දෙසැම්බර් මස 28 වන දින සීදූව පොලිස් වසමේ ලිනගේමුල්ල, සීදුව ප්‍රදේශයේ දී මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් අදාළ ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයින් තිදෙනෙකුට ටී – 56 ගිනිඅවියකින් වෙඩිතබා දෙදෙනෙකු ඝාතනය කර තිබුණි.

එහිදී එක් අයෙකුට තුවාල සිදුව තිබූ අතර ඒ අනුව සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කළේය.

ඒ අනුව අදාළ අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු මේ වනවිට පදිංචිය හැරගොස් පලාගොස් ඇතැයි අනාවරණය වී තිබේ.

මොහොමඩ් අස්මන් ශෙරීෆ්ඩීන් නැමති රද්දොළුගම, කටුවන පාර, හෝමාගම ලිපිනයේ පදිංචි අදාළ සැකකරුගේ ඡායාරූපයක් ඉහතින් දක්වා ඇති අතර, සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ස්ථානාධිපති – සීදූව – 071 8591637
පොලිස් ස්ථානය – සීදුව – 0112 253 522

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments