ආණ්ඩුව අලුතින් ආරම්භ කර ඇත්ත‍ෙ මත්ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලා පමණයි…

මේ වසරේ අලුතින් ආරම්භ කර ඇත්ත‍ෙ මත් ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි.

“මේ වසර ගත්තොත් මේ වසර තුළ මේ රටේ අලුතින් කර්මාන්ත ශාලා ඇති වෙච්ච බවට යම්කිසි තොරතුරක් ලැබෙනවා. අපි දැක්කා ප්‍රවෘත්තිවල පෙන්නුවා වැලිගම ප්‍රදේශයේ අලුත් කර්මාන්ත ශාලාවක්. මත් ද්‍රව්‍ය කර්මාන්තශාලා අලුතින් මේ රටේ ඇති වෙලා තියෙනවා.
අපි දන්නවා මීට කලිනුත් මේ රටේ මත්ද්‍රව්‍ය උවදුර තිබුණා.

හැබැයි මීට කලින් මත්ද්‍රව්‍ය උවදුර තියෙනකොට ඒවා මැඩලන්න අවශ්‍ය නීති රීති ගෙනාවා. ඒ වගේම පුද්ගලයින් අත්අඩංගුවට ගත්තා. නමුත් මීට පෙර මේ රටේ මත් ද්‍රව්‍ය උවදුර තිබුණේ මත්ද්‍රව්‍ය අහුවුණේ කිලෝ ගණනින්. හැබැයි ලංකාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට කන්ටේනර් ගණනින් මත්ද්‍රව්‍ය අහුවෙන යුගයක් බිහිකරන්නට මේ ආණ්ඩුව සමත්වෙලා තියෙනවා.”

 C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments