ආණ්ඩුව කතා කිරීමට අවසර දී ඇත්තේ දස දෙනෙකුට පමණයි..

ආණ්ඩුව කී දේ නොකළ බව පෙන්නන විට මිනිසුන් සමග කෝපයට පත්වෙමින් ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත පවසයි.

රාජ්‍ය සේවකයන් අල්ලා ගෙන ගොස් උසාවියට දමන නිසා ඔවුන් වැඩ නොකරන බවත් රාජ්‍ය සේවය මුළුමනින්ම අකර්මන්‍ය වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

පය පැටලි බිම වැටුණු කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් එය කුමන්ත්‍රණයක් යැයි පවසන බවත් ඉදිරියේ දී ඔහුට කිවිසුමක් ගියත් එය කුමන්ත්‍රණයක් යැයි කියනු ඇති බවත් ප්‍රේමනාත් සී. දොලවත්ත සඳහන් කරයි.

ආණ්ඩුවේ දැනට කතා කිරීමට බලය ලබා දී ඇත්තේ 10 දෙනෙකුට පමණක් බවත් නුදුරේ දී ම රංජන් ජයලාල්ගේ ද කට වසන බවත් ඔහු අවධාරණය කරයි.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments