ආණ්ඩුව ගංජා වගා ප‍්‍රවර්ධනය කරනවා.. ගිය ආණ්ඩුව පැන්නුවෙත් මේ නිසා…

හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසින් ගෙන එනු ලැබ, මහජන පිළිකුලට ලක් වී ප්‍රතික්ෂේප වූ ගංජා වගා ව්‍යාපෘතිය නැවත ඉදිරියට ගෙන යෑමට මෙම රජය වැඩ කරන බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ඇඹිලිපිටියේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී වත්මන් රජයෙන් ප්‍රශ්න කළහ.

උන්වහන්සේ ප්‍රකාශ කළේ ගංජා වගාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට රටේ සිවිල් සංවිධාන සහ ආගමික නායකවරුන් විරුද්ධ වූ බවත්, මෙම ව්‍යාපෘතිය “මහජන පිළිකුලට” ලක් වූ බවත්ය. 

පෙර පැවති රජයට ඡන්ද අහිමි වීමට හේතුවක් වූයේ මෙම ප්‍රතිපත්තිය බවත්, වත්මන් පාලකයන්ට විශාල ඡන්ද ප්‍රමාණයක් හිමි වූයේ පසුගිය රජයේ පැවති ආණ්ඩුවෙව් අත්තනෝමතික වැඩ ප්‍රතික්ෂේප කිරීම නිසා බවත් ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පෙන්වා දුන්හ. 

එසේ තිබියදීත්, ජනාධිපති ප්‍රධාන රජය, මහජන පිළිකුලට ලක් වූ වැඩ පිළිවෙලක් නැවත ඉදිරියට ගෙන යෑමට බලාපොරොත්තු වීම කේදජනක දෙයක් බව උන්වහන්සේගේ අදහස විය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments