ඇමති නලින්ද කඩල දන්සලක කඩල බෙදයි..

පොසොන් පොහොය දිනය නිමිත්තෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ  මාධ්‍ය අංශයේ කාර්ය මණ්ඩලය පළමු වරට සංවිධානය කරනු ලැබූ කඩල දන්සල සෞඛ්‍ය අමාත්‍යාංශ පරි‌ශ්‍රයේ දී පැවැත්විනි.

මෙම කඩල දන්සලට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ද එක් ව සිටි අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුලු කාර්ය මණ්ඩලය මෙන්ම අවට පිහිටි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතන රැසක කාර්ය මණ්ඩලවල විශාල පිරිසක් ද එක්ව සිටීම විශේෂත්වයක් විය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා දන්සලට පැමිණි කාර්ය මණ්ඩලය වෙත කඩල බෙදාදුන්නේය.

C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments