ඉන්දුනීසියාවේ ලෙවෝටෝබි ගිනිකන්ද සක්‍රිය වෙයි

මධ්‍යම ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතේ පිහිටි තිබෙන ලෙවෝටෝබි ගිනිකන්ද මේ වනවිට සක්‍රිය වී තිබේ.

ගිනිකන්දෙන් පිටවන අළු සහිත දුමාරය සැතපුම් 6කට (කිලෝමීටර් 11) වඩා ඉහළ අහසේ විසිරී තිබෙන බව වාර්තා වේ.

මේ හේතුවෙන් තැඹිලි පාට හතු හැඩැති වලාකුළක් කිලෝමීටර් 150කට වඩා දුරකටත් ඉතා පැහැදිව දර්ශනය වන බව විදෙස් වාර්තාවන්හි වැඩිදුරටත් සඳහන් කරයි.

ලෙවෝටෝබි ගිනි කන්ද ලාකි-ලාකි හා පෙරෙම්පුවාන් ලෙස නිවුන් කඳු මුදුන් දෙකකින් සමන්වත වන අතර, එහි ලාකි-ලාකි කොටස මෙලෙස සක්‍රිව වී තිබේ.

මෙම ගිනිකඳු පිපිරීමක් සමග සංචාරක දූපතක් වන බාලි වෙත සහ ඉන් පිටවන ගුවන් ගමන් රැසක් අවලංගු කර ඇත.

ඉන්දුනීසියානු බලධාරීන් මේ වනවිට ඉහළම අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති අතර, ඒ හේතුවෙන් එම ප්‍රදේශයෙන් ඈත්ව සිටින ලෙස සංචාරකයින්ගෙන් ඉල්ලා සිටියි.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments