ඊශ්‍රායලයේ වීසා නැතිව ඉන්න ලාංකිකයන්ට සුබ පුවතක්

ඊශ්‍රායලයේ වීසා නොමැතිව ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබාගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

දෙරට අතර පාර්ලිමේන්තු මට්ටමින් සහයෝගිතාව ගොඩනැගීම සඳහා ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ පිහිටුවා ඇති පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ වාර්ෂික හමුවේ මේ පිළිබඳ සාකච්ඡාවට භාජනය වී ඇත.

මෙහිදී ශ්‍රී ලාංකිකයන් මෙන්ම වෙනත් ජාතිකයන් ද වීසා නොමැතිව සිටින බැවින් ඒ පිළිබඳ ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ විදේශ සේවකයන් පිළිබව කමිටුව හමුවේ කරුණු දක්වන ලෙස දන්වා ඇත.

ඒ අනුව ඊළඟ සාකච්ඡාවේ දී මෙම ගැටලුව පිළිබඳ ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ විදේශ සේවකයන් පිළිබඳව කමිටුව හමුවේ කරුණු දැක්වීමට බලාපොරොත්තුවන බව නිමල් බණ්ඩාර මහතා පවසයි.

මේ අතර මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීන්ට ඊශ්‍රායලයේ දී ලබාගත හැකි පුහුණුවීම පිළිබඳවද සාකච්ඡා පවත්වා ඇත.

මෙම හමුවට ඊශ්‍රායල – ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ සභාපති Dr. Tsega Melaku, එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරින්, පාර්ලිමේන්තුවේ විදේශ ප්‍රතිපත්ති අංශයේ නිලධාරීන් හා ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි හේමන්ත ඒකනායක මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments