ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම ආදරණීය විනිසුරු දිවියෙන් සමුගනී

ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම ආදරණීය විනිසුරුවරයෙකු වූ “ඩිකී”  නමින් හඳුන්වන හැරල්ඩ් බර්ඩ් අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 92 හැවිරිදි වියේ පසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බර්ඩ් ලෝක කුසලාන අවසන් තරග තුනක් ඇතුළුව ටෙස්ට් තරග 66ක් සහ එක්දින තරග 6ක විනිසුරුවරයා ලෙස කටයුතු කර තිබේ.

බර්ඩ් 1956 දී එංගලන්තයේ පළමුපෙළේ පිතිකරුවෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.

මීට අමතරව 2014 දී යෝක්ෂයර් සභාපති ලෙස බර්ඩ් සේවය කර ඇත.

විනිසුරුවරයෙකු ලෙස සිය පළමු තරගය සඳහා හැරල්ඩ් බර්ඩ් එක්වන්නේ 1970 මැයි මාසයේදීය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments