කැටපත් පවූරට හානි කළ තරුණියක් අත්අඩංගුවට

ලොව අටවන පුදුමය ලෙස සැලකෙන සීගිරියේ කැටපත් පවුරේ, ආරක්ෂිත පුරාන කවි ගී වලට හානි කරමින් සිය නම සටහන් කළ 21 හැවිරිදි තරුණියක පුරාවිද්‍යා නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය, මිතුරන් පිරිසක් සමඟ සීගිරිය සංචාරයකට පැමිණ සිටියදී මෙම අභාග්‍ය සම්පන්න ක්‍රියාව සිදුකර තිබේ. ඇය කැටපත් පවුරේ අගනා කාව්‍යමය ලියැවුම් වලට හානි කරමින් සිය නම ලියනවිට පුරාවිද්‍යා නිලධාරීන් මෙම කාන්තාව අල්ලා ඇති අතර ඇයගේ මෙම ක්‍රියාවෙන් කැටපත්පවුරට විශාල හානියක් සිදුවී ඇතිබව වාර්තාවෙයි.

අත්අඩංගුවට ගත් කාන්තාව සීගිරිය පොලිස් ස්ථානයේ රිමාන්ඩ් භාරයේ රඳවා සිටින අතර, හෙට දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධව සිගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

aruna

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments