කැරම් බෝඩ් බෙදපුවා නෙමයි හොරු අල්ලා හොරා කෑ ධනය රාජසන්තක කරනු…

හොරු අල්ලා ඔවුන්ට දඬුවම් ලබා දී ඔවුන් හොරා කෑ ධනය ජාතික ධනයට එකතු කරන තුරු ජනතාව බලා සිටින බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ දැනට අත්අඩංගුවට ගෙන සිටින දෙදෙනාට දැඩි දඬුවම් ලැබුණ ද දෙවන අභිලාෂය ඉටු නොවන බවයි.

එම දෙදෙනා කැරම් බෝඩ් සහ දාම් ලෑලි ජනතාව අතර බෙදා අවසන් බව ද හෙතෙම සඳහන් කරයි.

කෙසේ වුව ද ජනතාව තවමත් ලොකු හොරුන් කිහිප දෙනෙකු අල්ලා ඔවුන් හොරා කෑ ධනය රාජසන්ත කරන තුරු බලා සිටින බව ද දිලිත් ජයවීර අවධාරණය කරයි.

උත්සව අවස්ථාවකින් අනතුරුව මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව කීය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments