කැළණියේ යාචකයන් අල්ලා රිදියගමට ගිහින් දමයි…

කැලණිය දුම්රිය ස්ථානය අපවිත්‍ර කරමින් දිවා රෑ දෙකේ අරක්ගෙන සිටි යාචකයන් පිරිසක් පෑලියගොඩ පොලිසිය දුම්රිය ස්ථානය සහ ඒ අවට සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් යාචකයන් එකොළොස් දෙනා කොළඹ අළුත්කඩේ අංක පහ අධිකරණයට ඉදිරිපත් කරමින් මෙම යාචකයන්ගේ හැසිරීම් රටාව පිළිබඳව අධිකරණයට කරුණු වාර්තාකර ඇති අතර පොදු ස්ථානයකදී මහජනයාට පීඩාවන අන්දමින් හැසිරෙන බව දිනපතා ප්‍රදේශයේ ජනතාව දුරකථන ඇමැතුම් මගින් පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන බවත් පොලිසිය අධිකරණය හමුවේ කරුණු වාර්තා කර ඇත.

කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා ඔවුන් කොළොස් දෙනා කැලණිය සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේද අනුදැනුම මත රිදීගම යාචක කඳවුරට යවා ඇත.

දෛනිකව අතිවිශාල ජනතාවක් කොළඹ ඇතුළු තදාසන්න නගර වෙතද කැලණි රජමහ විහාරස්ථානය වැඳ නමස්කාර කර ගැනීමටද පිවිසෙන කැලණි දුම්රිය ස්ථානය අපිරිසුදු කරමින් මත්ද්‍රව්‍ය භාවිත කරමින් එම පොදු ස්ථානය අපවිත්‍ර කරමින් කලහකාර්ව හැසිරුණු යාචක උවදුරින් පූජා නගරයක පිහිටි දුම්රිය ස්ථානය ආරක්ෂා කර දීමට ගත් නීතිමය පියවර පිළිබඳව ප්‍රදේශයේ සාමයට කැමැති ජනතාව පෑලියගොඩ පොලිසියට සහ ගරු අධිකරණයට සිය කෘතවේදීභාවය පළ කරති.

– කැලණිය කුසුම් එස්. හැන්නදි

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments