‘කෙහෙල්බද්දර පද්මේ’ ‘අයිස්’ මත්ද්‍රව්‍ය හදලා

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් පාතාල නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තා නුවරඑළිය ප්‍රදේශයේ ‘අයිස්’ මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි වාර්තා වේ.  

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මෙම තොතරුරු අනාවරණය කරගෙන තිබේ.අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව බාරයේ රදවා තබා ගනිමින්  කෙහෙල්බද්දර පද්මේගෙන් ප්‍රශ්න කරමින් කරන විමර්ශනවලදී මේ බව අනාවරණය වී ඇත.

 ‘පද්මේ’ ඒ සඳහා රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් යොදවා ඇති බවත් මෙම නිෂ්පාදනාගාරය පවත්වාගෙන යාම වෙනුවෙන්  නුවරඑළිය ප්‍රදේශයේ නිවසක් කුලියට ලබාගෙ ඇති බවත් අනාවරණ වී තිබේ.  

එම නිෂ්පාදනාගාරයට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2000ක් පමණ මෙරටට ගෙන්වා ඇති බවත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇති බව වාර්තා වේ. 

(යොහාන් භාසුර)

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments