කොටි රත්තරන් වලට මහින්ද දුන් සුපිරි ගේම..

එල්ටීටීඊ පාලන සමයේ උතුරේ ජනතාව කොටි බැංකුවල තැන්පත් කළ රන් භාණ්ඩ එල්ටීටී පාලනය බිඳවැටීමත් සමගම රජයේ හමුදා භාරයට පත්විය.

එසේ හමුදාව විසින් සොයාගත් රන් භාණ්ඩ එවක ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ඔවුගේ පවුලේ පෞද්ගලික පරිහරණය සඳහා ලබාගන්නා ලදැයි ඇතැමුන් චෝදනා කරන ලදී.

සැබැවින්ම එම රන් භාණ්ඩවලට සිදුවූයේ කුමක්ද යන්න සම්බන්ධයෙන් දින වකවානු සහ සාක්ෂි සහිත පැහැදිළි අනාවරණයක් පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් පසුගිය දිනක සිදු කරන ලදී.

ඒ ඔහුගේ යූටියුබ් නාලිකාවේ “සතියේ විත්ති with Udaya” වැඩසටහන මගිනි. මීට අමතරව කොටහේනේ දැරියගේ සිය දිවි නසා ගැනීමට මාලිමාවේ සම්බන්ධය සහ ජනාධිපතිවරයා පෞද්ගලික ගුවන් යානාවක් භාවිතා කිරීම ඇතුළු තවත් කාලීන දේශපාලන තොරතුරු රැසක් මෙන්ම විදෙස් තොරතුරු ද එම වැඩසටහනේ දී අනාවරණය කරන ලදී.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments